Cover page

Cover page
srilanka food

ඖෂධ/බෙහෙත් පිදීමේ ආනිශංස දහය

ඖෂධ සූදානම් කිරීම උතුම් කටයුත්තක් නිසා අපි බොහෝම පිරිසිදුව, ගෞරවයෙන් යුතු තමයි මේ කටයුතු ඉටුකරන්න ඕනි. හැම ඖෂධයක් සකස් කරන්නට ෙර සිට ‘‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා!” කියන පින් සිතුවිල්ල මුදුන් පත් කරගන්න ඕනි. පූජා කිරීම සඳහා පාතරයක් හෝ පිරිසිදු වට්ටියක් තෝරා ගැනීම සිදුකරන්න ඕනි. පාතරය හොඳින් කහ වතුරින් හෝ සුවඳ පැනින් සෝදා පිරිසිදු කර තමන්ට රිසි සේ සරසා ගන්න පුළුවන්.ඖෂධ ලබාගන්න කලින් ඉඳලා ගස් වැල්වලට අපි ගරු බුහුමන් කරන්න ඕනි. වගේ ඖෂධ ලබා ගන්න පෙර සිට ඖෂධ සකසා අවසන් වනතුරු බුදුගුණ සිහි කිරීම ගොඩක් වටිනවා.

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝවණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීචහෝමි අපචිතෝ සදා
මේ පියවියෝගත්ථිතස්ස නිස්සන්දතෝ
මම බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.


1.දීර්ඝායුසම්පත්ලැබීම
2.ශරීරශක්තියලැබීම.
3.ධෛර්ය             සම්පන්න          පුද්ගලයෙක්         වීම.
4.පැහැපත්            වර්ණයකින්          යුක්ත     වීම.
5.යහපත්               කීර්ති      රාවයක් ඇත්තෙකු             වීම.
6.ශරීර    සැපය     ලැබීම.
7.කවර   උපද්රවයකටවත්                                හසු         නොවන්නෙකුවීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීමඑවැනි ප්රිය විප්රයෝග දුකකට පත් නොවීම

No comments:

Post a Comment