Cover page

Cover page
srilanka food

පීනසට කතුරුමුරුංගා

පීනසට කතුරුමුරුංගා
පෝෂණ ගුණයෙන් බහුල පලාවර්ගයක් මෙන්ම එළවළුවකි. ඔෟෂධීය ගුණයද ඉතා අධික නිසා කතුරුමුරුංගා ශාකයේ සියලු කොටස් ආයුර්වේදයේ ඔෟෂධ සඳහා යොදා ගනී.
මෙය ප්රසභේද වශයෙන් කොටස් හතරකට දක්වා ඇත.









1. සුදුමල් කතුරුමුරුංගා - මෙය බහුලව දක්නට ඇත.
2. කහමල් කතුරුමුරුංගා - මෙය දුර්ලභ වර්ගයකි.
3. නිල්මල් කතුරුමුරුංගා - මෙයත් ඉතා දුර්ලභය.
4. රතුමල් කතුරුමුරුංගා - මේ වර්ගය බහුලව දක්නට ඇත.
• මෙම වර්ග සියල්ලම ඔෟෂධ සඳහා යොදා ගන්නා අතර ළපටි කරල් රසවත් වෑන්ජනයක් ලෙසද සකසා ගනී.
• සෙම් රෝග ඇති විට කතුරුමුරුංගා මල් කළං 4ක්, කතුරුමුරුංගා කොළ, පාවට්ටා කොළ කළං හතරක් ගෙන වතුර පතඅට එකට සිඳ පෙරා පානය කිරීමෙන් සුවය ලැබේ.
• රක්ත අර්ශස්, රක්ත ප්රයදර, වාත රක්ත කුෂ්ඨ රෝගවලදී කතුරුමුරුංගා මල්, කොළ, පොතු, මුල් කසාය කර පානය පකිරීමෙන් සුවයක් ලබාගත හැකිය.
• සන්ධිගත වාත රෝගයේදී කතුරුමුරුංගා කොළ, මල් උණු දියෙන් අඹරා ආලේප කරයි.
• වාත රක්ත රෝගයේදී කතුරුමුරුංගා මල්, කොළ පවනේ වියළා කුඩුකර තේ හැඳි එකක් එළඟි තෙල් සමඟ මිශ්රමකර ගෑමෙන් සුවවේ.
• ශරීරයේ ඇතිවන තුවාල කුෂ්ඨ, දැවිල්ල ගතිවලදී කතුරුමුරුංගා කොළ ඇල් දියෙන් ගෑම ගුණදායකය.
• මීමැස්මොර රෝගීන්ට කතුරුමුරුංගා මල්, කොළ, ගම්මිරිස් සමඟ අඹරා එළ මුත්රශයෙන් දියකර නස්න කිරීම ගුණදායක වේ.
• කල්ගත වූ පීනස් රෝගීන්ට කතුරුමුරුංගා කොළ නස්න කිරීම ගුණදායකය.
• තොල් පැළීම්, කට තුවාල වීම්වලදී කතුරුමුරුංගා කොළ රතුලූනු සමඟ අඹරා කෑමෙන් සුවයක් ලබාගත හැකිය.
• ලේ යන අර්ශස් රෝගයේදී කතුරුමුරුංගා මුල්, මල්, කොළ, පොතු කළං තුන බැගින් ගෙන වතුර පතඅට එකට සිඳ එළඟි තෙල් දමා බීමෙන් සුව වේ.

• ශුක්ර ස්තම්භනයට හා ශරීරයේ ශක්තිය වැඩීමට කතුරුමුරුංගා කොළ, මල් එළඟිතෙලෙන් තම්බා ආහාරයට ගනියි.

No comments:

Post a Comment