Cover page

Cover page
srilanka food

Wednesday, January 27, 2016

එදිනෙදා ව්‍යාංජන සෞඛ්‍යයට හිතකාරී ලෙස හදාගන්නේ මෙහෙමයි


සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි හැමෝම කැමතියි. ව්‍යායාම කරන එක වගේම එදිනෙදා ගෙදර උයන පිහින දේවල් උනත් වඩාත් ශරීරයට හිතකර විදියට හදාගන්න පුළුවන් නම් ලෙඩ දුක් අපේ ජීවිතවලින් තරමක් ඈතින් තියාගන්න අපිට පුළුවන් වේවි. ශරීරයට හිතකර අහිතකර දේවල් ගැන සොයාගැනීම් දවසින් දවස වෙනස් වෙනවා.මේ කියන්න හදන්නේ සරලව අපි එදිනෙදා සකසන ව්‍යාංජන වඩාත් සෞඛ්‍යට හිතකර ආකාරයට සකස ගන්න ක්‍රම ගැන.

පහේ කුඩු වෙනුවට…

image003
Source – flickr.com/sammyjayjay
කාර්ය බහුලකමත් එක්ක අද ගෘහණියට ඉස්සර වගේ ගෙදරම පහේ කුඩු ටික හදාගන්න අපහසුයි. ඒ නිසාම කඩෙන් ගන්න පහේ කුඩු වලට අකමැත්තෙන් උනත් පුරුදු වෙන්න වෙලා තියෙනවා. කල්තබාගන්න දාන දේවල් අඩංගු මේ පහේ කුඩු වෙනුවට තනිකරම කුළුබඩු වර්ගය ව්‍යංජනයට යොදාගන්න පුළුවන්. පහේ කුඩු වලට යොදන කරදමුංගු,කරාබුනැටි,කුරුඳු පොතු,සූදුරු, කොත්තමල්ලි වගේ කුළුබඩු වර්ග ටික බදින්නේ කොටන්නේ නැතුව ඒ අකාරයෙන්ම ව්‍යංජනයට යොදන්න. රස වෙනසක් වෙන්නේ නෑ.

හදවතට ආදරෙයිද?

HELL'S KITCHEN: Chef Ramsay (R) yells at Tek (L) during dinner service on an all-new HELL'S KITCHEN airing Tuesday, Aug. 11 (8:00-9:00 PM ET/PT) on FOX. ©2009 Fox Broadcasting Co. Cr: Patrick Wymore/FOX
Source – flickr.com/gordonramsaysubmissions
තෙල් භාවිතය අවම කරන්න. තෙම්පරාදු කිරීමට පමණක් අවම ප්‍රමාණයක් තෙල් භාවිතා කරන්න. තෙලෙන්ම මස් මාලු ව්‍යංජනය සැකසීම කොහෙත්ම සෞඛ්‍ය හිතකර නැහැ. ඔලිව් තෙල්, පොල් තෙල්, සූරියකාන්ත තෙල් මේ මොන තෙල් වර්ගය භාවිතා කලත් හැකි තරම් අවම වශයෙන් ආහාර වලට යොදාගන්න.

සැරට කන්න ආසද?

image005
Source – 123rf.com
රතු මිරිස් කුඩු ලංකාවේ අපි බහුලව භාවිතා කරන පහේ වර්ගයක්. හැබැයි රතු මිරිස් කුඩු නිතර භාවිතය ගැස්ට්‍රයිටිස් නැත්නම් අම්ලපිත්ත රෝගයට අත වැනීමක්. සැරට කෑම කාලා පුරුදු අපේ අයට රතු මිරිස් කුඩු වෙනුවට අමු මිරිස් හෝ ගම්මිරිස් යොදාගන්න පුලුවන්. වැඩි දෙනෙක් නොදන්නවාට ගම්මිරිස් ආයුර්වේදයේ නිතර භාවිතා කරන ඖෂධයක්. ව්‍යංජන වලට පහේ වර්ග කීපයක් භාවිතා නොකර හැකි හැම අවස්තාවකම එක් පහේ වර්ගයක් පමණක් යොදා ව්‍යංජන සකසා ගන්න. පහේ වර්ග නිතර බහුලව භාවිතය බඩවැල් හා ආමාශගත රෝග වලට එතරම් සුදුසු නැති බවත් මතක තබා ගන්න.

පොල් කිරි නැතුව හොඳි(!)

image006
Source – flickr.com/fruitlush, flickr.com/zak, inhabitat.com
පොල් කිරි වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් නැති බව නවතම සොයා ගැනීම වුවත් එහි ඇති පොල් කිරි 240ml ක ඇති කැලරි ප්‍රමාණය 552cal ක්. මේද රහිත යෝගට් එම ප්‍රමාණයකම කැලරි ඇත්තේ 140cal ක් පමණයි. මේ සඳහන කැලරි අඩුවෙන් අහාරයට එක් කරගන්න උත්සහ කරන ඔබ වෙනුවෙනුයි.
ලංකාවේ අපිට නම් මේක අලුත් දෙයක් වේවි. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවට නම් මේ දේ අමුත්තක් නෙවෙයි. පොල් කිරි භාවිතයෙන්ම ව්‍යංජන සකසන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. පොල් කිරි වෙනුවට මේධ රහිත යෝගට් යොදාගන්න කැලරි අඩුවෙන් මස්, මාළු, වගේ ව්‍යංජනයක් වුවත් සකසගන්න පුලුවන්.

උළු හාල් මෙහෙම දාන්න

උළු හාල් දියවැඩියා සහ කොලෙස්ට්‍රොල් රෝග තත්වයන් ඇති අයට ඉතාම ගුණ දායක කුළුබඩුවක්. හැකි හැම විටම සෝදා වේලා කරපිංචා සමඟ කබලේ බැදගත් උළු හාල් කුඩු කර ව්‍යංජන වලට යෙදීම වඩාත් සුදුසුයි.

පුංචි දෙයක් ලොකු වෙනසක්

image008
සෙම් ගතිය වැඩි අයට සහ ආහාර රුචිය අඩු අයට ලොකු ලූනු වෙනුවට හැකි හැම විටම රතු ලූනු භාවිතා කරන්න. පිඟානෙන් ඉවතට විසිවෙන ගුණය ආහාරයට එක් කිරීමට කරපිංචා, සුදු ලූනු ඉතා කුඩාවට කපා ව්‍යංජන වලට එකතු කරන්න.

ලෙඩ දුක් හැදුනාම තමන් ආස කිසිම දෙයක් කන්න බැරුව තැවෙනවාට වඩා හැකි හැමවිටම සෞඛ්‍ය සම්පන්නව තමන්ගේ ආහාර වේල සකස ගන්න උනන්දු වෙනවානම් බොහෝමයක් රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවදානම මගහැරගන්න පුළුවන්

 

1 comment: