Cover page

Cover page
srilanka food

Tuesday, December 29, 2015

ශ්‍රී ලාංකික ඇඹුල් තියල්

අද අපි සෑදීමට සැරසෙන්නේ ඉතිහාසයේ සිට අපේ රටේ ඉතා ප්‍රචලිත ආහාරයක් වන ඇඹුල් තියල්. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ


තලපත් හෝ වෙනත් ලොකු මාළු 500g
ගොරකා මේස හැඳි 2යි
ගම්මිරිස් මේස හැඳි 3යි
අඹරාගත් සුදු ලූනු මේස හැඳි 2යි
අඹරාගත් ඉඟුරු තේ හැඳි 2යි
අඹරාගත් කරපිංචා තේ හැඳි 2යි
කරද මුංගු කුඩු තේ හැඳි 1/4යි
ලුණු මේස හැඳි 2යි
වතුර මි. ලී. 250
 
 
පිළියෙල  කරන ආකාරය
 
මුලින්ම ගොරකා, ගම්මිරිස්, අඹරාගත් අමුමිරිස්, කරපිංචා, කුරුඳු පොතු එකට දමා හොඳින් කලවම් කර ගන්න. දැන් ඉරිඟු සහ සුදු ලූනු එකට අනා ගන්න. දැන් නැවත අනා එයට ලුණු දමා ගන්න. ඉන්පසු මාළු කැබලි එම මිශ්‍රයේ දවටමින් එකින් එක මැටි හට්ටියේ අතුරා ගන්න. එයට වතුර එක් කර ලිප මත මඳ ගින්නේ තබන්න. වතුර හිදෙන තුරු එය හොඳින් පිස ගන්න. සාම්ප්‍රදායික ඇඹුල් තියල් ව්‍යංජනයක රස දැන් ඔබටද අත් හදා බැලිය හැක


No comments:

Post a Comment