Cover page

Cover page
srilanka food

Wednesday, January 27, 2016

රොටියක් හදමු....

අවශ්‍යය ද්‍රව්‍ය: 
පිටි කෝප්ප 2 1/2
ගාගත් පොල් කෝප්ප 1
කැරට්
ලීක්ස්
ලූනු
බිත්තර 1
කරපිංචා
ලුණු තේ හැදි 1
අවශ්‍ය පමණ වතුර 
සාදන අයුරු:

මුලින්ම කැරට්, ලීක්ස්, ලූනු කුඩාවට කපා ගන්න. පිටි ටික භාජනයකට දාලා එකටම ගාගත් පොල්, ලුණු එකතු කරලා කලවම් කරන්න. දැන් ඒ ම්ශ්‍රණයටම පොඩියට කපාගත්ත එලවළු, කරපිංචා සහ බීට් කරගත්තු බිත්තරයත්  එකතු කරල හොදට කලවම් කරන්න. ඕනේ නම් මේකට උම්බල කඩ කෑලි ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. දැන් වතුර ටික ටික එකතු කරන ගමන් පිටි මිශ්‍රණය අතේ ඇලෙන්නෙ නැති පදමට අනා කුඩා පිටි බෝල සාදාගන්න. කුඩා පිටි බෝල පොල් තෙල් ස්වල්පයක්  ගාගත් පැතලි මතුපිටක තුනී කර රොටි තැටියක දමා පදමට පුලුස්සා ගන්න.
 

No comments:

Post a Comment